මොසුල් නගරයේ මිනිස් පළිහක්

Saturday, 22 October 2016 - 16:27

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B7%84%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ මොසුල් නගරය IS  ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම් දැන් උණුසුම් වී තිබෙනවා.

ඒ IS කණ්ඩායම් නගර වැසියන් මිනිස් පළිහක් ලෙස තබාගෙන ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි.

නගරයේ පිරිමි ළමයින් සහ වැඩිහිටියන් 284 දෙනෙකු IS සංවිධානය, ඝාතනය කර ඇති බවද බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද ප්‍රකාශ කළා.

සමුල ඝාතනය කරනු ලැබු පිරිස ඩෝසර් යොදා ගනිමින් සමුහ මිනී වලක මිහිදන් කර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙලෙස ඝාතනය කල පිරිස අතර කුඩා ළමුන් විශාල පිරිසක් ද වන බව සඳහන්.

ඝාතනයට ලක්වු පිරිස මෝසුල් නුවර පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

පෙරේදා සහ ඊයේ දිනයේදී මෙම ඝාතන සිදුව තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories