චීනයේ පිපිරීමකින් ගොඩනැගිලි පෙළක් විනාශ වෙයි- දසදෙනෙක් මරුට

Tuesday, 25 October 2016 - 14:15

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ යූ - ලින් නගරයේ ඊයේ (24)සිදුවූ දැවැන්ත පිපිරීමකින් එහි ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර, ජීවිත හානි 10 ක් වාර්තා වනවා.

එක් දෙමහල් ගොඩනැගිල්ලක් පිහිටි ස්ථානයේ විශාල ආවාටයක් දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනවසරයෙන් ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම පිපිරීමට හේතුව ලෙස සැලකෙනවා.

ජීවිතාරක්ෂක මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ මෙම පිපිරීම සිදුවු යූ - ලින් නගරයේ පසුගියදා බල්ලන්ගේ සහ බළලුන්ගේ මස් අනුභව කිරීමේ වාර්ෂික උත්සවය පැවැත්වුණේ සත්ව අවිහිංසා සංවිධානවල දැඩි විරෝධය මධ්‍යයේයි.

දින 10 ක් තිස්සේ පැවැති එම උත්සවයේදී  බල්ලන් සහ බළලුන්  15000 ක් පමණ ඝාතනය කෙරුනු බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories