තවත් අප්‍රිකානු රටක් හේග් අපරාධ අධිකරණයෙන් ඉවත් වෙයි

Wednesday, 26 October 2016 - 13:00

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඉවත්වීමට අපි්‍රකානු කලාපයේ රාජ්‍යයක් වන ගැම්බියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඉවත් වන අප්‍රිකානු කලාපයේ තුන්වන රට වන්නේ ගැම්බියාවයි.

මීට පෙර දකුණු අප්‍රිකාව සහ බුරුන්දි රාජ්‍යය අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඉවත් වීමට තීරණය කළා.

අප්‍රිකානු රාජ්‍ය නායකයින්ට පමණක් හේග් නුවර පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය යුද අපරාධ චෝදනා එල්ල කරන බවටයි ගැම්බියාව කියා සිටියේ.

බටහිර රටවල සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් මෙම අධිකරණය කටයුතු නොකරන බවට ගැම්බියාවේ තොරතුරු අමාත්‍ය ෂෙරීෆ් බොජැන්ග් චෝදනා කළා.

ඉරාකයේ සිදුවූ යුද අපරාධවලට එරෙහිව අපරාධ අධිකරණය එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ටෝනි බ්ලෙයාර්ට එරෙහිව මෙතෙක් කටයුතු කර නොතිබීම ඊට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories