හෙරොයින් කිලෝ 2ක් සමඟ ඉන්දියානුවන් 3ක් අත්අඩංගුවට

Thursday, 27 October 2016 - 10:54

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම - සිලාවතුර - අරිප්පු මුහුදු සීමාවේදී මෙරටට ගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් තුන්දෙනෙකු අද (27) අලූයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවර කටයුතු වල නිරත වන මුවාවෙන් මෙරටට පැමිණ ඇති මොවුන් සමඟ නාවික හමුදා භාරයට ගනු ලැබූ කුඩා යාත්‍රාවක් ද වැඩිදුරට පරීක්ෂණ සඳහා කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය ඔක්තොම්බර් මස 18 වැනිදා අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා සෙබලූන් තුන්දෙනෙකුට පහරදීම සහ හොරොයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි සැකයක් පවතින බවයි.

අරිප්පු ගම්වාසීන් පිරිසක් සොරකමේ ගියා යැයි පවසමින් නාවික හමුදාවේ බුද්ධි අංශයේ දෙදෙනෙකුට සහ තවත් නාවික හමුදා සෙබලෙකුට පහර දී තිබුණා.

රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැලැක්වීමට උත්සහ කළ මෙම නිලධාරීන්ගේ කටයුතු අවහිර කිරීමේ පෙර සූදානමක් ලෙස සැලසුම් සහගතව අදාල පහරදීම සිදු කළේද යන්න සැකයක් පවතින බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් පහසුවෙන් කරගෙන යාම සඳහා නාවික හමුදාව මෙම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙම සිද්ධියත් සමඟ මතුවන තවත් සැකයක් බවද එහි සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories