අපරීක්ෂාකාරි ලෙස කසල බැහැර කලොත් වැඩ වරදී

Thursday, 27 October 2016 - 12:21

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
කිසියම් පුද්ගලයෙකු අපරීක්ෂාකාරී ලෙස කසළ බැහැර කර පරිසරයට හානි සිදුකරන්නේ නම් ඒ පිළිබඳව දුරකථන අංක 0112 328 428 ට හෝ 0112 314 600 ට දැනුම්දෙන ලෙස පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි වැඩබලන ලේකම් එස්.ඩී.ඒ.ඩී බොරලැස්ස කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නොවැම්බර් මස පළමුවනදා සිට අනිවාර්යයෙන් කසළ වර්ගීකරණය කර පළාත්පාලන ආයතනවලට භාරදිය යුතු බවයි.

එමෙන්ම කොළඹ නගරයේ පරිසරයට හානි සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් 011 2 433 333 හෝ  0112 587 124 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකියි.

මෙම හමුවට එක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පරිසරයට හානි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පවා හැකියාව පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories