අඹන් ගඟට ට්‍රැක්ටර් ඇතුළු කර වැලි ලබා ගැනීම නතරවෙයි

Thursday, 27 October 2016 - 20:31

%E0%B6%85%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට වැලි ලබා ගැනීමේදී පරිසර නීති උල්ලංඝණය කරමින් අඹන්ගඟට ට්‍රැක්ටර් සහ ටිපර් රථ යොමුකර මහා පරිමාණයෙන් වැලි ලබා ගැනීම සිදුකරන බව හිරු CIA හරහා අප හෙළිකළේ පසුගිය 10 වැනිදායි.

එම හෙළිදරව්වත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සිද්ධිය පිළිබඳව සොයාබලන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.බී.තෙන්නකෝන් මහතා ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු එහි දක්වා ඇත්තේ ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනයේදී ව්‍යාපෘති නිලධාරීන්ගේ පැමිණීම අඩුවක් තිබූ බවයි.

එදින පරිසර නීති උල්ලංඝණය වන ලෙස පැය කිහිපයක් ට්‍රැක්ටර් සහ ලොරි රථ අඹන්ගඟට යොමුකර වැලි ලබා ගැනීම සිදුවූ බව ඔහු ජනාධිපති කාර්යාලය වෙත යොමුකළ ලිපිය මගින් පිළිගෙන තිබෙනවා.

ඉදිරියේදී අඹන්ගඟ ආරක්ෂා වන අයුරින් වැලි ගොඩදැමීම සඳහා පොලිසිය,මහවැලි ආරක්ෂක අංශය හා වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කළ බවද අදාල ලිපිය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

පසුගියදා පැවති උත්සවයක් අතරතුර ද ජනාධිපතිවරයා අදාළ සිදුවීම පිළිබඳව අදහස් පළ කළා.

ඒඅනුව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමග මේවන විට අඹන්ගඟට ට්‍රැක්ටර් ඇතුළු කර වැලි ලබා ගැනීම් සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා.

යළිත්වරක් එහි සංචාරය කළ අපිට දැකගැනීමට ලැබුණේ නියමිත ස්ථානවල ට්‍රැක්ටර් රථ රඳවමින් වැලි ලබාගැනීමේ කටයුතු සිදුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories