Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%21
Tuesday, 01 November 2016 - 13:09
හිරු පුවත් වෙබ් අඩවිය යළි යළිත් සම්මානයට පාත්‍රවෙයි !
189

Shares
22,702

Views
දේශීය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැවුම් ජාතික වශයෙන් අගය කරනු වස් පැවැත්වෙන ඉ-ස්වාභිමානි 2016 විශිෂ්ටතා සම්මාන ප්‍රදානය ඊයේ (31)  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුනා.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අන්තර්ගතය පිළිබඳව ප්‍රමුඛ ව ක්‍රියා කරන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් හය වන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම සම්භාවනීය උලෙළට දෙස් විදෙස් ආරාධිතයන් රැසක් එක්වූවා.

මෙම සම්මාන උළෙලේදී හොඳම පුවත් සහ ජනමාධ්‍ය වෙබ් අඩවිය ලෙස hirunews.lk සම්මානයට පාත්‍ර වූයේ දේශීය අන්තර්ජාල පුවත් වාර්තාකරණයේ මුල්තැන හිරු පුවත් වෙබ් අඩවියට හිමිවන බව යලි යලිත් තහවුරු කරමින්.

එමෙන්ම දේශීය සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යාම වෙනුවෙන් හොඳම සංස්කෘතික වෙබ් නිර්මාණය ලෙස හිරු ONLINE වෙසක් තොරණද  2016 ඉ-ස්වාභිමානි සම්මානය දිනාගත්තා.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජී ආයතනය පවත්වාගෙන යන හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට මෙමගින් තවදුරටත් තහවුරු වනවා.   

ලංකාවේ ඩිජිටල් මාධ්‍යයේ පෙරගමන් කරුවන් වන ලෝටස් ටෙක්නොලජී ආයතනය නිරන්තරයෙන් ලබාගන්නා මෙම සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි. ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු අනෙකුත් ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.

ඉ-ස්වාභිමානි 2016 විශිෂ්ටතා සම්මාන උළෙලේදී හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය සහ හිරු ONLINE වෙසක් තොරණ ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.



ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අප මාධ්‍ය ජාලය වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සඳහන් කළා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ අප ලබන මෙම සියලු ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.

ඉ-ස්වාභිමානි 2016 විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සිදු වූ අයුරු පහතින්







 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව පුරා රටවල් ගණනාවක් හිමෙන් වැසෙයි
Friday, 13 January 2017 - 9:21
ලොව පුරා රටවල් ගණනාවක් මේවන විට අධික හිම පතනයක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. විශේෂයෙන්... Read More
News Image
Hiru News Programme Segments
617 Views
1,056 Views
2,272 Views
570 Views
10,122 Views
44,586 Views
Top