Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB++%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Friday, 02 December 2016 - 11:26
යාපනයේ සරසවි සිසුන් මියයාමේ සිද්ධියේ සැකකාර පොලිස් නිලධාරින් යළි රිමාන්ඩ්
1,357

Views
යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පස් දෙනා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ සැකකරුවන් අද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්තරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.

එහෙත්, අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය වෙඩි තබා ඇති අතර, ඒ පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර තිබුණේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top