Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 02 December 2016 - 12:01
උතුරේ ධීවරයන් 10 ක් අතුරුදන් වෙයි (ඡායාරූප)
89

Shares
10,694

Views
උතුරු මුහුදේ මසුන් මැරීමට ගිය ධීවරයන් 10 දෙනෙකු අතුරුදන්ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් පවසනවා.

උතුරු මුහුදු ප්‍රදේශවල අයහපත් කාලගුණ තත්වයක් පැවති ඊයේ මෙම පිරිස ගැඹුරු මුහුදේ ධීවර කටයුතු  සඳහා පිටත්ව ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු සමග යාත්‍රාවක් යාපනයට ගසාගෙන විත් තිබෙනවා.

එම ධීවරයන් යාපනය පොලිසියට භාරදී ඇතැයි සඳහන්.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ අද දිනයේදී ද ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසටයි ධීවර පරීක්ෂක කාර්යාලය උතුරේ ධීවරයන්ට දැනුම්දී ඇත්තේ.  

මේ අතර යාපනය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 57 කට අයත් පුද්ගලයන් 159 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සුන් බුන් ගොඩකින් පිරුණු සංජිතාවත්ත පොදු ක්‍රීඩාංගනය (ඡායාරූප)
Monday, 05 December 2016 - 16:48
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත් කරන ලද ගොඩනැගිලි සුන්බුන් නොරොච්චෝල,කොයියාවාඩිය,සංජිතාවත්ත... Read More
News Image
Hiru News Programme Segments
315 Views
72 Views
1,724 Views
15,157 Views
2,126 Views
40,296 Views
Top