Hirunews Logo
%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 02 December 2016 - 12:43
පෞද්ගලික බස් වර්ජනයෙන් දිවයින පුරා මගීන් දුෂ්කරතාවට - ලංගම බස් රථවලටත් පහර දෙයි
233

Shares
28,028

Views
මාර්ග වැරදි 07 ක් සඳහා දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ සේවකයින් දියත් කර ඇති වර්ජනය නිසා දිවයින පුරා මගී ජනතාව දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය සාර්ථක බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

මෙම වැඩවර්ජනය සඳහා සහය පළ නොකළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ බස් රථ සේවකයින් අද දිනයේ සේවයට වාර්තා නොකිරීම නිසා තම සංගමයට අයත් බස් හිමියන්ගේ බස් රථද ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

වර්ජනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව අප කළ විමසීමකදී අධිවේගී මාර්ග පාලක මැදිරිය සඳහන් කළා.

කෙසේ වෙතත්, වර්ජනයට මුහුණදීම සඳහා දිවයින පුරා ශ්‍රී ලංගම බස් රථ 6100 ක් පමණ යොදවා ඇති බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන කියා සිටියේ.

අද අලූයම් කාලයේ ප්‍රදේශ කිහිපයකදී ලංගම බස් රථ 12 කට පමණ ගල් ප්‍රහාර එල්ල වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

මේ නිසා බස් රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි ඔහු කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සුන් බුන් ගොඩකින් පිරුණු සංජිතාවත්ත පොදු ක්‍රීඩාංගනය (ඡායාරූප)
Monday, 05 December 2016 - 16:48
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත් කරන ලද ගොඩනැගිලි සුන්බුන් නොරොච්චෝල,කොයියාවාඩිය,සංජිතාවත්ත... Read More
News Image
Hiru News Programme Segments
182 Views
1,709 Views
1,710 Views
15,122 Views
1,954 Views
40,177 Views
Top