වාහන තුනක් ගැටී පාසල් දැරියක් රෝහලේ

Friday, 02 December 2016 - 12:52

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
යතුරු පැදි දෙකක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.


මාදම්පේ  - පම්බල ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවු මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදි දෙකෙහි ගමන් කළ තිදෙනෙක්.


හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති ඔවුන් අතර පාසල් සිසුවියක්ද සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.


හලාවත සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරු පැදියක් එම ත්‍රී රෝද රථයේම ගැටී පළමුවෙන් අනතුරට පත්ව තිබෙනවා.


ඒ සමගම පිටුපසින් පැමිණි තවත් යතුරු පැදියක් ත්‍රී රෝද රථයේ ගැටුණු යතුරු පැදියේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි මාදම්පේ පොලිසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories