දියේ ගිලීමෙන් තරුණයකු මරුට (ඡායාරූප)

Saturday, 03 December 2016 - 16:19

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිඹුල ඩෙවෝන් ඇලේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසින මෙම ඇලේ ගිලීමෙන් මරණයට පත්වී ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.

ඔහු දිඹුල ප්‍රදේශයේ ආගමික කටයුත්තක් සඳහා පැමිණ මිතුරන් කිහිප දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේ අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

 තරුණයා දියේ ගිලී අතුරුදන්ව සිටියදී දිඹුල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෘත ශරීරය කොටගල රෝහලේ තැන්පත් කර ඇති අතර දිඹුල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.




ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / චන්දන ජයවීර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories