මීගමුව විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු 19 දෙනා රිමාන්ඩ්

Saturday, 03 December 2016 - 17:03

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය මීගමුව - ගල්කන්ද ප්‍රදේශයේදී අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 19 දෙනා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත මිරිඇල්ල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් අතර, ත්‍රිරෝද රථ රියදුරන් 18 දෙනෙකු සහ එක් බස් රථ රියදුරෙකු වන බව සදහන්.

ඊයේ රාත්‍රියේ මෙම පිරිස සිදුකළ විරෝධතාව විසුරුවා හැරීම සදහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories