ඇමරිකාවේ රාත්‍රී සමාජශාලාවක ගින්නකින් ජීවිත හානි රැසක්

Sunday, 04 December 2016 - 7:10

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ  ඕක්ලන්ඞ් නුවර රාත්‍රී සමාජශාලාවක ඊයේ ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 40 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරනවා.

බඩු ගබඩාවක් මෙලෙස රාත්‍රී නර්තන සාදයක් සඳහා තාවකාලිකව සකසා තිබූ අතර මේ වනවිට මළසිරුරු 9 ක් ඉවත් කරගෙන ඇති බව සඳහන්.

සංගීත කණ්ඩායම් කිහිපයක් මෙහි පැවති සංදර්ශනයට සහභාගි වී සිටි අතර එය ආරම්භවන අවස්ථාවේදීම මෙම ගින්න හටගෙන තිබෙනවා.

මෙය හදිසි දොරටු සහිතව ඉදිකළ ගොඩනැගිල්ලක් නොවන බැවින් ජීවිතාරක්ෂක මෙහෙයුම අසීරු වූ බවයි ගිනි නිවන භටයන් ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories