අම්බලන්ගොඩ ත්‍රිත්ව ඝාතකයන් ගැන තවමත් තොරතුරු නැහැ

Tuesday, 06 December 2016 - 18:53

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අම්බලන්ගොඩ - ඉඩම්තොට - මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඝාතන සිදුවීමට පෙර එම ස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාද ක්‍රියාවිරහිත වී ඇති බවයි.

යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය කියා සිටියා.

ඊයේ (05) රාත්‍රී 8 යි 45 පමණ  එකම පවුලේ වයස අවුරුදු 33ක් වු පියා, 27 හැවිරිදි මව සහ ඔවුන්ගේ සිව් හැවිරිදි පුතු මෙලෙස ඝාතනයට ලක්වුණේ ඔවුන්ට අයත් වෙළඳසැලේ රැඳී සිටියදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories