දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 29 ක් වැය කර ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුව නීතිපතිවරයා අද (06) ඉවත් කර ගත්තා.
ඒ, චෝදනා පත්‍රයෙහි තාක්ෂණික දෝෂ ඇති බව පවසමින්.
කෙසේ වෙතත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව මෙම නඩුවෙන් හිටපු අමාත්‍යවරයා මෙන්ම එහි තවත් විත්තිකරුවෙකු වන දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ද නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
එසේම, මෙම නඩුවට අදාළව මොවුන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරන බවයි විනිසුරු පද්මිනී රණවක දැනුම් දුන්නේ.

Follow US
Most Viewed Stories