කරුණා ඇප මත නිදහස් කෙරේ

Wednesday, 07 December 2016 - 11:57

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (07) ඇප මත මුදා හැරුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙසයි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරුදිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.

එමෙන්ම, ඇප ලැබීමෙන් පසු කරුණා අම්මාන්ට ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබාදෙන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය දැනුම් දුන්නේ.

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 29 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories