හමුදා දුර්වල කරන්නේ නැහැ - ජනපතිගෙන් සහතිකයක්

Wednesday, 07 December 2016 - 19:18

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම හැර දුර්වල කිරීම කිසිවිටක සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

රාජ්‍ය ආරක්ෂක සහ ජාත්‍යන්තර වෙළද කටයුතු, විදුලිබල හා බලශක්ති, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු, යන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනෙනවා.

එහිදී විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදීමේදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියද මැදිහත්වුණා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව ඇමතුවේ අද පස්වරුවේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories