නුහුරු ස්ථානයක අසුන් පනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අපහසුතාවක

Friday, 09 December 2016 - 9:03

%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා හදිසියේම එම තනතුරින් ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ඒ, ඔහුගේ කොන්ත්‍රාත් කාලය මාස 10 ක් පමණ ඉතිරිව තිබියදී.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අවශ්‍ය ඕනෑම මොහොතක කළමනාකරුවන් වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනයට බලතල තිබෙන බවයි.

දකුණු අප්‍රිකානු තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කිරීම සදහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා දිනයේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර, පසුගිය දින කිහිපය මුළුල්ලේම ටෙස්ට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රමාද කළා.

මෙවන් වාතාවරණයක් තුළ ඉතා හදිසියේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා.

සිම්බාබ්වේ සංචාරයේදී කණ්ඩායමේ නායකයින් ලෙස කටයුතු කළ උපුල් තරංග සහ රංගන හේරත් ද ඇතුළුවූ එම පිරිසට නුහුරු ස්ථානයක අසුන් පනවන්නට ක්‍රිකට් බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව සිටින ආකාරයක් ද දක්නට ලැබුණා.

ප්‍රකාශයට පත්කළ සංචිතයේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙද්දී උප නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.

ආබාධවලට ලක්ව සිටි ඔවුන් දෙදෙනා නැවත කණ්ඩායමට පැමිණීමත් සමග සිම්බාබ්වේ තරග සංචාරයේදී දස්කම් අතර සිටි අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

කණ්ඩායමට කැඳවා ඇති එකම නවක ක්‍රීඩකයා වන්නේ බී.ආර්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක විකුණු සංජයයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇති බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිවුණා.

කෙසේ නමුත්, චරිත් සේනානායක මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටීම නිසා මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ අද වනවිට ඔහුගේ නිල තනතුර කුමක්ද යන වගයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories