රුසියානු සයිබර් ප්‍රහාරය ගැන සොයන්න ඔබාමාගෙන් අණක්

Saturday, 10 December 2016 - 7:44

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ එල්ල වූ බව කියන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති බැරක් ඔබාමා, ඊයේ නියෝග කළා.

විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට රුසියානු සයිබර් ප්‍රහාර එල්ල වූ බවටයි චෝදනා නැගුනේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා රුසියාව බලපෑම් සිදුකරන බවට ඔබාමා පරිපාලනය රුසියාවට නිළ වශයෙන් ද චෝදනාවක් එල්ල කළා.

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ රුසියානු රජය එම සයිබර් ප්‍රහාර සඳහා වගකිව යුතු යැයි තමා විශ්වාස නොකරන බවයි.

එමෙන්ම එම චෝදනා දේශපාලන පදනමකින් එල්ල කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපති ඔබාමා විසින් රුසියානු සයිබර් ප්‍රහාර පිළිබදව සොයා බැලීම සඳහා නියෝග කර ඇත්තේ සිය ත්‍රස්ත විරෝධී කණ්ඩායමටයි.

කෙසේ නමුත්, එහි වාර්තාව ලැබී කෙටි කලකින් ඔබාමාට ජනාධිපති ධුරයෙන් නික්ම යාමට සිදුවන අතර, නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories