ගැම්බියාවේ ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරයි

Saturday, 10 December 2016 - 10:22

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අප්‍රිකානු ගැම්බියානු දේශයේ නායක යහියා ජැමේ තමන් පරාජය වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ මස මුලදී පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ බව ඔහු මීට පෙර පිළිගත් අතර, ඉන් සතියකට පමණ පසුවයි මෙලෙස එහි ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර ඇත්තේ.

1994 වසරේ කුමන්ත්‍රණයකින් බලයට පැමිණි යහියා ජැමේ, මෙවර ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබුවේ විපක්ෂ අපේක්ෂක අද්මා බැරෝ සියයට 45කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන් අනතුරුවයි.

එහිදී සියයට 36ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනාධිපති හහියා මෙලෙස මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීම ඇමරිකා එක්සත් ජනපදය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

අප්‍රිකාවේ කුඩාම රාජ්‍යය වන ගැම්බියාවේ මුළු ජනගහනය මිලියන දෙකකට ආසන්නයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories