පෞද්ගලීකරණයට එරෙහිව නැගී සිටින ජනතාව රජය මර්දනය කරනවා - ඒකාබද්ධ විපක්ෂය

Saturday, 10 December 2016 - 18:13

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
පෞද්ගලීකකරණ ක්‍රියාවලියට එරෙහිව නැඟී සිටින ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ හම්බන්තොට වරායේ ඇතිවූ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින්.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම ගැටලුවට ඔවුන් කිසිවෙකු මැදිහත් වී නොමැති බවයි.

රජය හම්බන්තොට වරාය විකිණීමකින් තොරව පවත්වාගෙන ගියේ නම් මෙවැනි ගැටලු ඇති නොවන බවද ඔහු කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories