උතුරු සහ ඊසානදිග මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු අවදානම්

Sunday, 11 December 2016 - 16:08

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අද සහ හෙට උතුරු සහ ඊසානදිග මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100ක් පමණ විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, උතුරු සහ ඊසානදිග මුහුදු ප්‍රදේශවලට ඉදිරි පැය 48ක පමණ කාලසීමාව තුළ තද වැසි බලාපොරොත්තු විය හැකියි.

වර්ධා සුළි කුණාටුව මේ වන විට දිවයිනට ඊසානදෙසින් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ එය වයඹ දෙසටබරව චෙන්නායි ප්‍රදේශයෙන් ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories