ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමි වේ

Wednesday, 11 January 2017 - 17:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
දිගු කළක් අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

යුරෝපා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක් සඳහා සාර්ථක ලෙස අනුගතවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අතරට යහපාලනය, මානව හිමිකම් සහ කම්කරු ප්‍රතිපත්තීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමද ඇතුළත් වනවා.

ඒ අනුව යුරෝපා සංගමය වෙත අපනයනය කරන රෙදිපිළි ඇතුලු භාණ්ඩ රැසක් සඳහා සියයට 66 ක බදු සහනයක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යළි හිිමිවනු ඇති.

කෙසේ වෙතත් මෙම බදු සහනය ලබාදීමෙන් අනතුරුව මාස හතරක කාලයක් ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories