Hirunews Logo
%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Thursday, 12 January 2017 - 16:02
අතුරුදන්ව තිබූ ලංගම බස් රථය සොයා ගැනේ
16

Shares
2,030

Views
පැහැර ගැනීමට ලක්වූ මහරගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් ගාලූමුවදොර පිටිය ආසන්නයේ දමාගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන මෙම බස් රථය පෙරේදා (10) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබුණේ ඩිපෝව ආසන්නයේ නතර කර තිබියදීයි.

එහි රියදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය අදාළ ස්ථානයේ නතර කර රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහා ආපනශාලාවකට ගොස් තිබුණා.

පසුව ඔවුන් බස් රථය පිළිබදව සොයා බලා ඇති අතර, අනතුරුව මේ පිළිබදව පැමිණිලි කළේ මහරගම පොලිසියටයි.

පසුව සිදුකරන ලද සොයා බැලීමකදී බස් රථය ගාලූමුවදොර පිටිය ඉදිරිපිට ගාල්කර තිබියදී සොයා ගැණුනු බවයි මහරගම පොලිසිය ප්‍රකාශ කළේ.

බස් රථයේ පැහැර ගත් පුද්ගලයා සොයා පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,773 Views
3,901 Views
2,691 Views
2,414 Views
2,745 Views
48,172 Views
Top