දැරියක් අඹුවක් කර ගත් තරුණයා අත්අඩංගුවට

Wednesday, 18 January 2017 - 15:20

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාස හතරක් තිස්සේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහලවක දැරික් හොර රහසේ අඹුවක් ලෙස තබාගත් විසි හැවිරිදි තරුණයෙකු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාඋල උඩුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු පිළිබඳ නාඋල පොලිස්ථානාධිපතිවරයාට ලද දුරකතන ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සඳහා අනුබල දීමේ චෝදනාව යටතේ තරුණයාගේ මව ද අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

බාලවයස්කාර තරුණිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories