ගැම්බියාවේ ජනපති ඉවත් කරන්න සෙනගාලයෙන් හමුදා

Friday, 20 January 2017 - 7:32

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F
මැතිවරණයෙන් පරාජය වුව ද බලයෙන් ඉවත්ව යාමට සූදානම් නොමැති අප්‍රිකානු - ගැම්බියා දේශයේ ජනාධිපති යහියා ජමේ ඉවත් කිරිම සඳහා සෙනගාල හමුදා දේශසීමාව තරණය කොට ගැම්බියාවට ඇතුළු වී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය නිසා සශ්‍රික කුඩා ගැම්බියා දේශයේ පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ විපක්ෂ අපේක්ෂක ඇඩමා බැරෝ ඊයේ සිය ධුරයේ දිවුරුම් දුන්නේ සෙනගාලයේ සිටයි.

වසර 22 ක් ගැම්බියාව මෙහෙය වූ යහියා ජමේ ට එරෙහි හමුදා ක්‍රියාමාර්ග සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී තිබෙනවා.

අප්‍රිකාවේ වඩාත්ම පුහුණුව ලැබූ ශක්තිමත් හමුදාවක් සිටින සෙනගාල හමුදාවන්ට ගුවනින් ආවරණය සැපයීමට නයිජීරියාව ද ඉදිරිපත්වී සිටිනවා.

කෙසේ නමුත්, ගැම්බියානු හමුදාපතිවරයා සඳහන් කළේ දේශපාලන අර්බුදයක් වෙනුවෙන් යුද වැදීමට තම සෙබලූන් යොදා නොගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories