අද රාත්‍රියේ සිට දිවයිනට බලපා ඇති වියලි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් යාපනය අර්ධද්වීපය ඇතුළු උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට අද (20) සිට වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, මේ වනවිට පවතින සුළං රටාවේ වෙනසක් සිදුව ඇති බැවින් රාත්‍රී සහ අළුයම් කාලයේ දිවයිනේ පළාත් බොහොමයකට පැවති සීත කාලගුණයේ අඩුවීමක්ද සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුගිය දිනවල බලපා වියලි කාලගුණය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 7 කට වැඩි පුද්ගලයින් පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
ත්‍රිකුණාමලය, මහනුවර, ගම්පහ, හම්බන්තොට, මාතර, මොණරාගල, ඇතුලූ දිස්ත්‍රික්ක 16 කට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කළේ.
එමෙන්ම, පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් එළැඹිය හැකි නියං කාලගුණ තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීමට ජනාධිපති නියමයෙන් පත් කළ විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පැවත්වෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි අදාළ රැස්වීම පැවත්වෙන බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

Follow US
Most Viewed Stories