හමුවීමක් ගැන නොදන්නා බව සන්ධාන මහ ලේකම් කියයි

Saturday, 21 January 2017 - 18:17

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් මහඇමතිවරුන් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් කරුණු නොදන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

හම්බන්තොට අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඊයේ පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හෙට පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් අද (21) ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ නිදහස් පක්ෂයේ එකමුතුව වෙනුවෙන් එම සාකච්ඡා සදහා තමන් ද සහභාගි වන බවයි.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ද කියා සිටියේ මෙම සාකච්ඡාව සදහා තමන් ද හෙට (22) සහභාගි වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වනවාද යන්න පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය උතුර මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්නගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ පෙර යොදා ගත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් ඊට තමන් සහභාගි නොවන බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව පක්ෂයේ එකමුතුව වෙනුවෙන් වැදගත් වන බවට ද ඔහු විශ්වාසය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories