බෙල්ජියමෙන් සහ යුරෝපා වෙළඳ සමාගම්වලින් සහතිකයක්

Sunday, 22 January 2017 - 7:19

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජී.එස්.පී. සහනය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ දැනට පවතින පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නව වෙළඳ සබඳතා ඇතිකර ගන්නා බව බෙල්ජියම් රජය සහ යුරෝපා වෙළඳ සමාගම් සහතික වී තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම බෙල්ජියම් රජයේ සහ යුරෝපා වෙළඳ සමාගම් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.

ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් පසුව අමාත්‍යවරුන් බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වුණා.

එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා  මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ යුරෝපා ආයෝජන බැංකුවේ උප සභාපතිවරයා මෙහිදී යුරෝ මිලියන 50 ක මූල්‍ය ගිවිසුමකටද අත්සන් තැබුවා.

බෙල්ජියම් මුදල් අමාත්‍ය යොහාන් වැන් ඔවටවෙල් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවති අතර, බෙල්ජියම් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරුණා.

අමාත්‍යවරුන් පසුව සංවර්ධන සහයෝගීතාව පිළිබඳව යුරෝපා කොමසාරිස් නෙවන් මෙමිකා මුණ ගැසී ඇති අතර, එහිදීද මෙරට සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories