ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා විරෝධතා

Sunday, 22 January 2017 - 8:57

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස පසුගිය සිකුරාදා දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනයේ පළමු දිනය තුළ ඔහුට එරෙහි විරෝධතා රැළි රැසක් ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල පැවැත්වුණා.

විශාලතම රැළිය ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර පැවති අතර ඊට පන්ලක්ෂයක් පමණ ජනයා සහභාගිවී ඇති බව සඳහන්.

එය ජනාධිපති ට්‍රම්ප් දිවුරුම් දීම නැරඹීම සඳහා පැමිණි ජන කොටසද ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නිව්යෝක්, සියැටල්, බොස්ටන්, මයාමි ඇතුලූ නගරවල කුඩා රැළි 300ක් පමණ පැවති අතර ලොව පුරා මෙලෙස පැවැත්වුණු විරෝධතා රැළි සංඛ්‍යාව 600 කට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories