අතුරුදන්වු සිසුන් තුන්දෙනා හමුවෙයි

Sunday, 22 January 2017 - 11:51

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගම්පොළ දුන්හිඳ ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගොස් අතුරුදන්වු ළමුන් තුන්දෙනාගේ මළ සිරුරු සොයගෙන තිබෙනවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන 10.30 ට පමණ සිරුරු සොයාගත් බවයි පොලාසිය සඳහන් කලේ.

ළමුන් තුන්දෙනාගේ මෘත ශරිර ඔුවන් අතුරුදන්වු දුන්හිඳ ප්‍රදේශයේම තිබී ඇතැයි සඳහන්.

මළ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.

ඊයේ සවස දිය නෑමට ගිය ළමුන් 5 දෙනෙකු අතරින් තුන්දෙනෙකුයි මෙලෙස දියේ ගිලී ඇත්තේ.

ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසැල් සිසුන් බව පොලිසිය ප්‍රකාශ  කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories