ජාතික නිදහස් පෙරමුණේ මහ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනපති

Sunday, 22 January 2017 - 12:59

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුව අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

"ජාතික සමඟිය වනසන බෙදුම්වාදය දිනවන - ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව සටන් වදිමු" යන තේමාව යටතේ එය සංවිධාන කර තිබෙනවා.

මෙම විශේෂ මහ සමුළුව සඳහා විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගිවන බවයි ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එහිදී ඔහු තීරණාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේ්ෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහභාගිවීමට නියමිත බවයි ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories