මදුරෙයි ජල්ලිකට්ටු විරෝධතා මැද නතරවෙයි

Sunday, 22 January 2017 - 14:23

%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජල්ලිකට්ටු හෙවත් ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය අවසර ලබාදුන්න ද මදුරෙයි පුරයේ අද එය ආරම්භ කිරීමේ අවස්ථාව විරෝධතා මැද නතර වී තිබෙනවා.

තෛයිපොංගල් උත්සවයට සමගාමීව පවත්වන ජල්ලිකට්ටු සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට වසර 3 කට පෙර තහනමක් පනවනු ලැබුවා.

තමිල්නාඩු විරෝධතා මධ්‍යයේ එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ඊයේ නියෝගයක් නිකුත් කළා.

එහෙත්, තමිල්නාඩුවාසීන් පවසන්නේ ඒ සඳහා තාවකාලික අවසරයක් නොව ස්ථිර විසඳුමක් හිමිවිය යුතු බවයි.

ඒ අනුව, මදුරෙයිහි ජල්ලිකට්ටු උත්සවය විවෘත කිරීමට පැමිණි තමිල්නාඩු මහඇමති පන්නීර් සෙල්වම් නැවතත් චෙන්නායි නුවරට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories