ත්රිකුණාමලය - මුතූර් මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නිට්ටඹුව - තිහාරිය ප්රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි හිරු ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
දියේ ගිලූණු තරුණයන්ගේ මළ සිරුරු මුතූර් මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මියගිය තරුණයන් 16 සහ 19 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව ගත් වූ දින 3 තුළ දියේ ගිලීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ඊයේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත - උඩුහවුපේ ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුන් දෙදෙනෙක්.
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මොවුන් ඊයේ පස්වරුවේ ජලාශයේ දිය නෑම සඳහා පැමිණ ඇත්තේ තවත් තරුණයින් තුන්දෙනෙකුද සමඟයි.
එමෙන්ම ගම්පොල දුන්හිඳ ප්රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය 13 හැවිරිදි පාසල් ළමයින් 03 දෙනෙකු ද පෙරේදා දිනයේ දියේ ගිලී මියගියා. මොවුන් ගම්පොල ප්රදේශයේම පදිංචිකරුවන්.

Follow US
Most Viewed Stories