ඉන්දියානු පුරවැසි ප්‍රශ්නය විසඳූ හැටි අගමැති රනිල් කියයි

Tuesday, 24 January 2017 - 13:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකාවේ සිට ඉන්දුනීසියාව දක්වා කලාපය ලොව වේගවත්ම සංවර්ධනය වන කලාපය වන අතර, එහි මධ්‍යස්ථානය වීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අබුඩාබි සංවාදයේ විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සැසි වාරයේ සමාරම්භක අවස්ථාවට අද උදෑසන එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ දකුණු ආසියාවේ සීග්‍ර සංවර්ධනය පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවේදී පවා අවධාරණය කෙරුණු බවයි.

ලෝකයේ මහා පරිමාණ සංක්‍රමණික අවස්ථා දෙකක් පිළිබඳ කරුණු දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ වර්තමානයේ සංක්‍රමණිකයන්ගේ සේවය ක්‍රමානුකූල වී ඇති බවයි.

මෙරටට විදේශ විනිමය ලබා දී නැවත දිවයිනට පැමිණෙන සංක්‍රමණික සේවකයන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් රජය උපරිම අන්දමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

එහිදී ඔහු ඉන්දීය ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් මතු වූ ගැටළුව විසඳූ ආකාරය පැහැදිලි කළේ මෙලෙසින්.

‘‘සංක්‍රමණික ගැටළුව ඉන්දියාව සමඟ සාධාරණ අන්දමින් විසදා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. එහිදී ශ්‍රී ලංකාවෙන් යැවූ සංක්‍රමණිකයන් දකුණු ඉන්දියාවේ පදිංචි කරලීමට ඉන්දීය රජය පියවර ගත්තා. ඔවුන් නීලගිරි ප්‍රදේශය ප්‍රමුඛව එලෙස පදිංචි කළ අතර බොහෝ දෙනෙක් වතු වගාවට යොමු වුණා. අනෙක් පාර්ශවයෙන් ශ්‍රී ලංකාව මෙරට සිටි ඉන්දීය ශ්‍රමිකයන් විශාල පිරිසකට පුරවැසිභාවය ලබා දුන්නා. ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු වුවද සංඛ්‍යාත්මකව සැලකූ විට එය විශාල ගැටළුවක් ලෙස පැවතුණා. වතුකරයේ සිටින ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට රජය කටයුතු කරමින් සිටිනවා. විද්‍යා අධ්‍යාපනය පුළුල් කිරීම ඉන් එක් පියරවක්. එමෙන්ම මෙතෙක් බිම් අඟලක් හෝ නොමැතිව සිටි ඔවුන්ට පර්චස් 7 බැගින් ඔවුන් ලැයින් කාමරවල ජීවත් වූ ප්‍රදේශවල ඉඩම් අයිතිය ලබාදීමටත් රජය කටයුතු කරනවා.’’  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories