ට්‍රම්ප්, චීනය සමඟ ගැටුමකට අර අඳී

Tuesday, 24 January 2017 - 13:35

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB+%E0%B6%85%E0%B6%B3%E0%B7%93
දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පවසනවා.

ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් කියා සිටියේ චීනයේ අතිමහත් වෙළඳපොළට පිවිසීම සඳහා එම වගකීම පැහැර හැරීමට ඇමරිකාව සූදානම් නොමැති බවයි.

ඇමරිකානු - චීන වෙළඳ සබදතා දෙපාර්ශවයටම ප්‍රතිඵලදායක අන්දමින් සිදුවිය යුතු බවයි ඔහු කියා සිටියේ.

සම්පත් බහුල දකුණු චීන දිවයින් පෙළ චීනයට පමණක් හිමි කර දීමට ඇමරිකාව ඉඩ නොදෙන බව ඔහු සදහන් කර තිබෙනවා.

කෙසේ නමුත්, චීනය පසුගිය දා කියා සිටියේ එම දිවයින් පෙළ චීනයෙන් වෙන් කිරීමට නම් දැවැන්ත යුද සංග්‍රාමයක් දියත් කිරීමට සිදුවිය හැකි බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පිවිසීමෙන් පසු චීනයට සිදුකළ අනතුරු ඇගවීම ඇමරිකාව සහ චීනය අතර රාජතාන්ත්‍රික අර්බුදයකට මුල් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories