බෝනික්කන් විශේෂයක් ජර්මනිය තුල හදිසියේම තහනම් කරයි

Saturday, 18 February 2017 - 13:14

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජර්මනියේ ආරක්ෂක අංශ විසින් එරට තුල අලෙවිය සදහා ඇති කුඩා දරුවන් වෙනුවෙන් නිෂ්පාදිත බෝනික්කන් විශේෂයක් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

My Friend Cayla නමැති මෙම බෝනික්කන් විශේෂය තුල ඇති උපාංගයක් මගින් ඔත්තු බැලීමේ හැකියාවක් පවතින බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

දැනටමත් මෙම බෝනික්කන් මිලදී ගෙන ඇති පුද්ගලයන්ගෙන් එරට Federal Network Agencyය ඉල්ලා ඇත්තේ එම බෝනික්කන් වහාම විනාශ කර දමන ලෙසයි.

මෙම බෝනික්කන් විශේෂය භාෂා පරිවර්තන කිරීමේ සහ අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැකි ආකාරය නිපදවා ඇති බව සදහන්.

පුද්ගලයන්ගේ ආරක්ෂාවට සහ එරට ජාතික ආරක්ෂාවට මෙම බෝනික්කන් විශේෂය මගින් තර්ජනයක් ඇති වීමේ අවධානමක් පවතින බවට සැක පල කරන බවයි ජර්මන් ආරක්ෂක අංශ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

එම බෝනික්කන් විශේෂය හඳුන්වදෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories