නව ව්‍යවස්ථාව ගැන පරස්පර අදහස්

Monday, 20 February 2017 - 13:04

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ඉදිරියේදී ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවනවා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙතෙක් ජනාධිපතිවරයාට පැවති බලතල පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් යටතට පත්වන බවයි.

එමෙන්ම බදුල්ලේ ඊයේ පැවති උත්සවයකට එක් වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ජනමත විචාරණයකට යාම රටේ ජයග්‍රහණයක් බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීමකට ඊයේ එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්නේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයට බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories