ඉරාකයේ ලක්ෂ ගණනක් සිරවෙලා

Monday, 20 February 2017 - 13:15

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ඉරාකයේ මොසූල් නගරය අයි.එස්. ග්‍රහණයෙන් මුදවාගැනීමේ සටනේදී සිවිල් වැසියන් හයලක්ෂ පනස් දහසක් එහි සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මෙම පිරිසෙන් තුන්ලක්ෂ පනස් දහසක්ම දරුවන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙය දැඩි අර්බුදයක බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

මොසූල් බටහිර ප්‍රදේශය අයි.එස්. ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා රජයේ හමුදා සහ ත්‍රස්තයන් අතර දැඩි ගැටුම් පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ රජයේ හමුදා දැනටමත් අයි.එස්. ග්‍රහණයේ පැවති ගම්මාන කිහිපයක් මුදාගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories