දඹුලු ලෝක උරුම රජමහා විහාරය දැඩි ලෙස පරිහානියට (ඡායාරූප)

Monday, 20 February 2017 - 20:35

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුලු ලෙන් විහාරය ඇතුළුව දඹුලු ලෝක උරුමය, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ දැඩි අවදානමකට ලක්වී තිබෙනවා.

මේ බව අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා දඹුලු ලෙන් විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී අනාවරණය වූයේ 1996 වසරින් පසු දඹුලු ලෙන් විහාරයේ කිසිදු සංරක්ෂණයක් සිදුවී නොමැති බවයි.
 
එමෙන්ම මෙම ලෙන් විහාරයෙහි ඇති චිත්‍ර මෙන්ම පිළිම වහන්සේලාට ද හානි සිදුව ඇති බව ද හෙළි වී තිබෙනවා.
 
මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් හමුවේ ලෝක උරුම රංගිරි දඹුලු ලෙන් විහාර සිතුවම් සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නා ලෙස නිලධාරින් දැනුවත් කළ  අමාත්‍යවරයා වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරිම සඳහා විශේෂ රැස්වීමක් ද කැඳවීමට පියවර ගනු ලැබුවා.

දඹුල්ල ලෝක උරුම පුරාවිද්‍යා භූමිය මේ හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුම අතරින් ඉවත්වයාමට ඉඩ ඇති බවයි මෙහිදී සාකච්ඡා වූයේ.
 
ඒ අනුව මේ වන විට ඇමෙරිකානු Getty නම් සංරක්ෂණ ආයතනය හා ඉතාලියේ Iccrom ආයතනය මෙම චිත්‍ර සංරක්ෂණය ආරම්භ කිරීමට කිරීමට පියවරගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories