මත්කුඩු කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Tuesday, 21 February 2017 - 8:47

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක මත් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එන්සි නමැති මත්කුඩු කිලෝග්‍රෑම් 8ක් සමගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහනම් කර ඇති මෙම මත්කුඩු වතුකරයේ අලෙවි කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories