මෙල්බර්න් ගුවන් අනතුර ගැන තවත් තොරතුරු හෙළි වෙයි

Tuesday, 21 February 2017 - 18:25

%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී සිදුවු සැහැල්ලු ගුවන්යානා අනතුරට පෙර එහි නියමුවා විසින් එංජිමේ දෝශයක් පිළිබඳ පාලක මැදිරිය දැනුවත් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම අනතුරින් අමරිකානුවන් 4 දෙනෙකු සහ ඔස්ට්‍රේලියා ජාතික නියමුවායි ජීවිතක්ෂයට පත්වුනේ.

යානය ගුවන්ගත වී සුලු මොහොතකින් එංජිමේ දෝශයක් පිළිබඳ නියමුවා හෙළිකර ඇති බව විදෙස් පුවත් සේවාවල සඳහන්.

අනතුරින් මියගිය අමරිකානු ජාතිකයන් සිය කණ්ඩායමක් ලෙසට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

 ඔවුන්ගෙන් එක් අයෙකු මෙම ගුවන් අනතුරට පෙර ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී සිය මිතුරන් සමග ලබාගත් ඡායාරූපයක් ද මේවන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියා වාර්තා පෙන්වා දෙන්නේ මෙම අනතුරට ලක්වු ගුවන්යානය පැදවු නියමුවා දශක 3 කට වැඩි කාලයක් නියමුවෙකු ලෙසට සේවය කර ඇති බවයි.

එම කාලය තුල ඔහු පැදවු කිසිදු යානයක අනතුරක් සිදුවී නැතැයි ද ඔස්ට්‍රේලියා බලධාරීන් හෙළිකර තිබෙනවා.

එමෙන්ම මෙම අනතුර වික්ටෝරියා ප්‍රාන්තයේ සිවිල් ගුවන්සේවා ඉතිහාසයේ සිදුවු දරුණුතම අනතුරක් ලෙසටයි සැලකෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories