එල්.ටී.ටී.ඊ හිස්වැසුම රට යවන්න හැදු තිදෙනා යළි රිමාන්ඩ්

Wednesday, 22 February 2017 - 10:52

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
එල්.ටී.ටී.ඊ  ලාංඡනය සහිත හිස්වැසුමක් ලන්ඩන් වෙත යැවීමට උත්සහ ගැනීමේදී අත්අඩංගුවට ගැණුනු හිටපු එල්.ටී.ටී.ඊ  බුද්ධි අංශ සාමාජිකයා ඇතුළු පුද්ගලයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කෙරුණා.

ඒ එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරුවන් වෙනුවෙක් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ මුලික විරෝධතාවක් ගොනුකරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි.

කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories