ශ්‍රී ලංකාවට සීගිරියේදී එක්වුණ කැළල

Wednesday, 22 February 2017 - 19:47

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%BD
සීගිරිය මෙරට අතීත පෞඩත්වය කියාපාන ලෝක උරුමයක්

අද සී.අයි.ඒ වෙන්වන්නේ සීගිරියේ  භාරකාරීත්වය දරන මධ්‍යම සංස්කෘතික අරමුදල් නොසැලකිල්ල හමුවේ එය ජාත්‍යන්තරයේ පිළිකුලට ලක්වන අයුරු හෙළිකිරීම සඳහායි.
 
දෙස් විදෙස් සංචාරකයන් සීගිරිය හදුන්වන්නේ 08 වැනි ලෝක පුදුමය ලෙසයි.

දිනපතා සීගිරිය නැරඹීමට විදේශීය සංචාරකයන් 500 කට ආසන්න පිරිසක් පැමිණෙන අතර මේ ඔවුන් පැමිණෙන රථ ගාලේ පිහිටා ඇති මොරගහමුල වැසිකිලි පද්ධතියයි.

එක් විදේශිකයෙකුගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුව ලෙස රුපියල් 4,500 කට ආසන්න මුදලක් අයකල ද සති ගණනක පටන් ඔවුන්ට නිසි පිරිදි සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන්නේ නැහැ.

ඊට හේතුව පුරුෂයන්ට වෙන්කර ඇති වැසිකිලියේ ගලිය උතුරා පිටාර ගලමින් පැවතීමයි.

මේ හේතුවෙන් දිනපතා මෙහි පැමිණෙන සිය ගණනක් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්වන අයුරු අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා.

අපහසුතාවට පත්වන විදේශිකයන්ට මෙහි සේවකයන් පවසන්නේ ඒ ආශ්‍රිත වන පෙදෙස භාවිතා කර වැසිකිලි පහසුකම් සපයා ගන්නා ලෙසයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories