රෝහිතට එරෙහි නඩුව විභාගයට දින තීරණය වේ

Thursday, 23 February 2017 - 13:16

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව මාර්තු මස 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.

මීට අදාළ නඩුව අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේයි.

තමාට විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමකටද අද අවසර ලබාදුන් අතර, ඒ අනුව මාර්තු මස 15 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා ඉතාලියේ සහ ජපානයේ සංචාරයක් සඳහා මොහුට අවසර හිමිවුණා.

එමෙන්ම මසකට වරක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බවට විත්තිකාර රෝහිත අබේගුණවර්ධනට පනවා තිබූ නියෝගයද මහාධිකරණ විනිසුරුවරයා ඉවත් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 412 කට අධික මුදලක් අල්ලස් මගින් උපයා ගත් බවට මොහුට එරෙහිව චෝදනා එල්ලවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories