මියගිය දෙදෙනෙකු ආභරණ වලින් සරසා තැන්පත් කර තැබූ පල්ලියක් ජර්මනියෙන් (ඡායාරූප)

Thursday, 23 February 2017 - 15:22

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%86%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මියගිය පුද්ගලයින් දෙදෙනෙකු සියලු ආභරණයන්ගෙන් සරසා පල්ලියක තැන්පත් කර තබා ඇති සිද්ධියක් පසුගියදා වාර්තාවුණා.

ඒ ජර්මනියේ මියුනිච් නගරයේ Furstenfeld Abbey නම් පල්ලියක් තුළයි.

Saint Hyacinth හා Saint Clemens නම් සාන්තුවරුන් දෙදෙනෙකුගේ මියගිය සිරුරු මෙලෙස තැන්පත්කර තබා ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

පල්ලියෙහි ඇති සියලුම ආගමික ආභරණවලින් මියගිය දෙදෙනා සරසා ඇති බව සඳහන්.

මෙම සිද්ධියෙහි ඇති වැදගත් කරුණක් වන්නේ දෙදෙනාම ඝාතනය කරන ලද පුද්ගලයින් වීමයි.

Saint Hyacinth නම් සාන්තුවරයා ක්‍රි.පූ. 108 දී ඝාතනය කරන විට අවුරුදු 12 ක කුඩා ළමයෙකු බව එහිදී අනාවරණය වුණා.

මොවුන් දෙදෙනා රෝමයේ වාසය කර, පසු කාලීනව ක්‍රිස්තියානි ආගම වැළඳගත් පුද්ගලයින් වීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සිරුරු තැන්පත් කර ඇති පල්ලියද ක්‍රි.ව. 1200 දී Louis II විසින් Duke of Bavaria නම් පුද්ගලයාට තම පළමු බිරිඳ මරාදැමීමේ පාපය හේතුවෙන් ඉදි කිරීමට නියම කරන ලද්දක් බව ජර්මනි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories