අධ්‍යාපන අයිතිය අහිමිවූ දරුවෙකුට සාධාරණය ඉටුවෙයි

Thursday, 23 February 2017 - 21:53

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතියක්.

නමුත් වසර දෙකකට වැඩි කාලයක් අධ්‍යාපන අයිතිය අහිමිව සිටි හලාවත ප්‍රදේශයේ දරුවෙකු පිළිබඳව අප අවස්ථා කිහිපයකදී වරින් වර රටට හෙළි කළා.

එම පුවත පළ දරමින් අද එම දරුවාට පාසල් යාමේ අයිතිය හිමි වුණේ දිගු කලක පටන් කළ දැඩි අරගලයකින් පසුවයි.

ශානිල් පෙරේරා නැමති හය හැවිරිදි මෙම දරුවා ඔහුගේ මව සමඟින් 2015 වසරේ 11 වන මස 27 වැනි දින උදෑසන හලාවත ආනන්ද ජාතික පාසල වෙත ගියේ පළමු වසරට ඇතුළුවී පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අරමුණින්.

ඒ වන විටත් ශානිල්ට වසරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමිව තිබුණේ පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ ලකුණු ලබාදීමේ ක්‍රියාවලියේදී හලාවත ආනන්ද ජාතික පාසල විසින් අක්‍රමිකතාවක් සිදුව තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් දරුවා පාසලට භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පාසල් බලධාරීන් එහිදී කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories