මහාශිව රාත්‍රිය අදයි

Friday, 24 February 2017 - 7:32

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%81%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අධිවේගී ආර්ථික තරඟයට මැදිව මහත් මානසික පීඩනයකට ලක්ව දිවිගෙවන ජනයාට ආගමෙන් මහත් අස්වැසිල්ලක් හිමිවන බව අදට යෙදෙන ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා.

එය යහපත් සමාජයක් උදාකරදීමේ උත්තේජනයක් ලෙස ක්‍රියාකරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියලූදෙනා ජීවත්විය යුතු බව සියලූ ආගම්වල ප්‍රමුඛතම අපේක්ෂාව සහ අරමුණ වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් පණිවුඩයේ සඳහන්.

දෙවියන් වෙත කෘතවේදීත්වය පළ කරමින් ශිව දෙවියන්ගේ පිහිට පතන හින්දු ජනතාවට ඔවුන් අපේක්ෂා කරන ශාන්තිය උදා වේවායි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රාර්ථනා කරනවා.

මේ අතර, ආගමික චින්තන, සාහිත්‍ය, කලාව ආදී සෑම අංශයකම ඒකාත්මිකභාවයෙන් සහජීවනය අපේකෂා කරන ශිව රාත්‍රි දිනය හින්දු බැතිමතුන්ට අර්ථවත් ජීවිතයකට මග පෙන්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ සඳහන්.

එය සමස්ත ජනතාවටම වැදගත් වන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට අර්ථ පූර්ණ මහා ශිව රාත්‍රියක් උදා වේවායි ඔහු ප්‍රාර්ථනා කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories