පිලිපීන ජනපතිට එරෙහිවූ සෙනෙට් මන්ත්‍රීවරිය අත්අඩංගුවට

Friday, 24 February 2017 - 13:01

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා - ඩි - ලීමා අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඇය පිලිපීන බන්ධනාගාරවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කරමින්.

තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් පැමිණෙද්දී නිවසෙන් පලාගිය ලෙයිලා ඊයේ රාත්‍රිය ගත කර ඇත්තේ සෙනෙට් මණ්ඩල ගොඩනැගිල්ලේයි.

තමා නිර්දෝෂී බව ඔප්පු වනු ඇතැයි බන්ධනාගාර ගත වීමට පෙර ඇය පවසා තිබෙනවා.

සෙනෙට් සභික ලෙයිලා - ඩි - ලීමා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ද හෙළා දකිනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories